රැප් ගායක “ස්මෝක්” වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
Thursday, 20 February 2020 - 11:20 | Views - 728
ආයුධ සන්නද්ධව සිදු කළ මංකොල්ලයකට මැදි වූ ඇමරිකානු රැප් ගායන ශිල්පී “පොප් ස්මෝක්” වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය නිවසේ සිටි පුද්ගලයෙක්ට වෙඩි වැදී ඇති බවත් පසුව ඔහු මියගිය බවත් ලොස් ඇන්ජලිස් පොලිසිය ප්‍රකාශ කළ නමුත් එම පුද්ගලයාගේ අනන්‍යතාවය ප්‍රකාශයට පත් කළේ නැත.

කෙසේ නමුත්, අනපේක්ෂිත සහ ඛේදජනක ලෙස සිදු වූ පොප් ස්මෝක්ගේ වියෝවෙන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව පොප් ස්මෝක්ගේ සංගීත ලේබලය වන “රිපබ්ලික් රෙකෝඩ්” නිවේදනය කර ඇත.    

බටහිර හොලිවුඩයේ පිහිටි නිවසක මෙම මංකොල්ලය සිදු වී ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්වූ බව යි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය ප්‍රකාශ කර යි.

බෂර් බරකා ජැක්සන් නමින් 1999 උපන් පොප් ස්මෝක් සිය පළමු ගීත ඇල්බමය වන “Meet The Woo” නිකුත් කළේ පසුගිය වසරේ දී ය.

50 Cent, නිකී මිනාජ් වැනි ඇමරිකානු සංගීත තරු රැසක් මෙන්ම ලොව පුරා වෙසෙන රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ “පොප් ස්මෝක්”ගේ අකල් වියෝව පිළිබඳ ශෝකය පළ කර තිබේ. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top