මවක් ඝාතනය කිරීමට සැළසුම් කළ පුතෙකු අත්අඩංගුවට
Thursday, 20 February 2020 - 10:33 | Views - 370
නිවසේ හිමිකම ලබාගැනීමේ අරමුණින් 72 හැවිරිදි තම වයෝවෘද්ධ මවට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමට සැළසුම් කළ පුතෙකු ගාල්ල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඔහු ගිංතොට - ගිනිකුරුන්ද කන්ද ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු දැනට පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, අධික ණයබර හේතුවෙන් පීඩනයට පත්ව එම මුදල් ගෙවාදැමීම සඳහා මෙලෙස බලහත්කාරයෙන් මවගෙන් නිවස අත්පත් කරගෙන එය විකුණා දැමීමටයි සැළසුම් කර ඇත්තේ.
කෙසේ වෙතත් මව ඊට එරෙහිවීම නිසා ඔහු ඇයට පහරදී ඇති අතර, පොලීසියට සඳහන් කරන්නේ නිවස තුළට ගෑස් කාන්දු කර එහි ගින්නක් ඇති කිරීමටද සැකකරු සැළසුම් කර ඇති බවයි.
මේ අතර නුවරඑළිය - නේස්බි වත්ත පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 ප්‍රදේශයේදී මියගොස් සිටියදී පෙරේදා සොයාගත් දිනක් පමණ වයසැති නිවුන් බිළිඳියන්ගේ මව සම්බන්ධයෙන් තවමත් තොරතුරක් වාර්තාවී නැහැ.
Share This Article