බදුල්ලම කම්පාකරවූ පාසල් දරුවන් සිව්දෙනෙකුට මරු කැඳවූ අධ්‍යාපන චාරිකාව
Thursday, 20 February 2020 - 8:34 | Views - 2,554
අධ්‍යාපන චාරිකාවක පැමිණි හාලිඇල ප්‍රදේශයේ පාසලක ළමයින් පිරිසක් මැදවච්චිය වැවේ දියනාමින් සිටියදී හත්දෙනෙකු දියේ ගිලී ඇති අතර, ඉන් හතරදෙනෙකු මියගොස් ඇති බව ගෝමරන්කඩවල පොලීසිය සඳහන් කළා.
ඊයේ පස්වරු 6.30 ට පමණ මෙලෙස දියේ ගිලී ඇත්තේ අධ්‍යාපන චාරිකාවේ පැමිණි 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක්.
ඉන් තුන්දෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article