
වවුනියාවේ නෙලූකුලම, පම්පමඩුව ඇතුළු පළාත් කීපයක ගවයන් හිටිහැටියේම බිම ඇදවැටී මියයන බවට ගොවීන් කීපදෙනකුම 18 වැනිදා වවුනියාව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණිලි කර තිබේ.
මෙසේ මියයන්නේ අස්වැන්න නෙළා අවසන් වූ කුඹුරුවල පිදුරු, තණකොළ හා ඉතිරි වූ ගොයම් කෑමට යන ගවයන් බව ද ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.
දැනට පශු වෛද්‍ය නිලධාරීන් හා ගොවියන් විශ්වාස කරන්නේ කුඹුරුවලට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය රැුගෙන යන පොලිතීන් ගවයන් අනුභව කිරීම නිසා හෝ කුඹුරුවල ඉතිරි වී ඇති ජලයට යම් රසායනික ද්‍රව්‍යයක් මුසු වීම නිසා මේ ගවයන් මිය යන්නට ඇති බවයි.
ගවයන් මේ අන්දමට මියයෑමට පටන් ගැනීමත් සමගම ගොවීන් කුඹුරුවලට ගවයන් නොයවා නිවෙස්වල බැඳ තබා ගැනීමට පටන්ගෙන තිබේ.
වවුනියාව පශු වෛද්‍ය කාර්යාලය ගවයන් මියයෑමට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දිනසේන රතුගමගේ
81 Views
104 Views
269 Views
170 Views
135 Views
146 Views
157 Views
147 Views
119 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
72 Views
33 Views