නෙලූකුලම - පම්පමඩුව ගවයෝ හිටිහැටියේ මැරී වැටෙති
Thursday, 20 February 2020 - 8:09 | Views - 557

වවුනියාවේ නෙලූකුලම, පම්පමඩුව ඇතුළු පළාත් කීපයක ගවයන් හිටිහැටියේම බිම ඇදවැටී මියයන බවට ගොවීන් කීපදෙනකුම 18 වැනිදා වවුනියාව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණිලි කර තිබේ.

මෙසේ මියයන්නේ අස්වැන්න නෙළා අවසන් වූ කුඹුරුවල පිදුරු, තණකොළ හා ඉතිරි වූ ගොයම් කෑමට යන ගවයන් බව ද ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කරති.

දැනට පශු වෛද්‍ය නිලධාරීන් හා ගොවියන් විශ්වාස කරන්නේ කුඹුරුවලට පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය රැුගෙන යන පොලිතීන් ගවයන් අනුභව කිරීම නිසා හෝ කුඹුරුවල ඉතිරි වී ඇති ජලයට යම් රසායනික ද්‍රව්‍යයක් මුසු වීම නිසා මේ ගවයන් මිය යන්නට ඇති බවයි.

ගවයන් මේ අන්දමට මියයෑමට පටන් ගැනීමත් සමගම ගොවීන් කුඹුරුවලට ගවයන් නොයවා නිවෙස්වල බැඳ තබා ගැනීමට පටන්ගෙන තිබේ.

වවුනියාව පශු වෛද්‍ය කාර්යාලය ගවයන් මියයෑමට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top