
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ලබන 22 වැනිදා සිට ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමට මාස නවයකට පසුව නිරෝෂන් දික්වැල්ල කැදවා ඇති අතර ඊට අමතරව තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියටද අවස්ථාව හිමිවෙද්දී ඕෂධ ප‍්‍රනාන්දු ඇතුළු ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුටම සංචිතයේ ස්ථානය අහිමි තිබේ.
ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට මාස 11 කට පසුව නිරෝෂන් දික්වැල්ල කැදවා ඇති අතර ඔහු අවසන් වරට එක්දින තරගයක් ක‍්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ මාර්තු මාසයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඩර්බන් හිදීය. එක්දින තරග 52 කට ක‍්‍රීඩා කර ඇති දික්වැල්ල ශතක දෙකක් සහ අර්ධ ශතක නවයක් සමග මුළු ලකුණු 1571 ක් ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 32.72 කි.
එක්දින තරග 28 කට ක‍්‍රීඩා කර ඇති ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් ලබා ඇත්තේ අර්ධ ශතක හතරක් පමණි. නමුත් කොදෙව් සංචාරයේදී ඔහු සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරවීම මෙන්ම තමාද ලකුණු අතරට පැමිණීමට උත්සහ කරන බව පවසයි. දිමුත් කරුණාරත්න එක්දින තරග හතකින් අර්ධ ශතකයක් ලබා නොමැති අතර අවසන් වරට ඔහු ඉකුත් ලෝක කුසලානයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඕවල් ක‍්‍රීඩාංගණයේදී අර්ධ ශතකයක් (97) වාර්තා කළේය.
මේ අතර තිසර පෙරේරාද ඉකුත් ජූලි මාසයෙන් පසුව කණ්ඩායමට කැඳවා ඇති අතර ඔහු පිතිකරුවකු වශයෙන් අවසන් එක්දින තරග 13 දී ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 117 කි. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන තිසර පෙරේරා අවසන් එක්දින තරග 13 දී ලබා ඇත්තේ කඩුලූ පහකි. කෙසේ වෙතත් අවසන් වරට ක‍්‍රීඩා කරපු එක්දින තරග පහේදීම කඩුල්ලක් හෝ දවා ගැනීමට ඔහුට නොහැකි වීම විශේෂත්වයකි.
පාකිස්තාන් එක්දින තරගාවලිය ක‍්‍රීඩා කළ නවක ක‍්‍රීඩකයන් වන මිනෝද් භානුක, ඕෂධ ප‍්‍රනාන්දු, කසුන් රාජිත සහ සධීර සමරවික‍්‍රමට ස්ථාන අහිමිව ඇත. ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් සංචිතයට ඇතුළත්ව නැති අතර ඔහු වෙනුවට ෂෙහාන් ජයසූරිය කණ්ඩායමට කැදවා තිබේ.
දෙරට අතර පළමු එක්දින තරගය ලබන 22 වැනිදා එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර දෙවැන්න 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීත් තෙවැන්න එම ක‍්‍රීඩාංගණයේදීම මාර්තු 1 වැනිදාත් පැවැත්වේ.
ශ‍්‍රී ලංකා එක්දින සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප‍්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් සහ ළහිරු කුමාර
අසේල විතාන
81 Views
104 Views
269 Views
170 Views
135 Views
146 Views
157 Views
147 Views
119 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
72 Views
33 Views