සුරූපිණියන් දෙදෙනකු - විදේශීය මත්පැන් ඇතුළත් පැකේජය රුපියල් තිස්තුන්දහසයි
Thursday, 20 February 2020 - 8:08 | Views - 515
බම්බලපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රභූ පිරිස් වෙනුවෙන් පමණක් පවත්වාගෙන ගිය රාත‍්‍රී සමාජ ශාලාවක් වැටලූ කොළඹ සුරාබදු ඒකකය නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ එහි කළමනාකරු 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු බලපත‍්‍ර නොමැතිව දිවයිනේ ප‍්‍රසිද්ධ ප‍්‍රභූවරුන් සඳහා පමණක් මෙම රාත‍්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බව මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ප‍්‍රසිද්ධ ප‍්‍රභූවරුන්, ව්‍යාපාරිකයන් මෙම රාත‍්‍රී සමාජ ශාලාවට නිරන්තරයෙන්ම පැමිණ තිබෙන බවත්, ඔවුන්ට රුපියල් තිස්තුන්දහස ඉක්මවූ විවිධ පැකේජයන් යටතේ විදේශීය මත්පැන් මෙන්ම සුරූපී කාන්තාවන් ද සපයා ඇති බවත් හෙළිවී ඇත.

මහජනතාවගෙන් ලද තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව ව්‍යාපාරිකයන් ලෙස වෙස්වලා ගෙන ගොස් එදින අලූයම අදාළ රාත‍්‍රී සමාජ ශාලාවට ඇතුළු වී මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පෙරේදා (18 වැනිදා* මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් හැටදහසක දඩයක් නියම කිරීමටත්, විදේශීය මත්පැන් රාජසන්තක කිරීමටත් නියෝග කර ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ, සහකාර සුරාබදු කොමසාරිස් (බස්නාහිර පළාත) ශාන්ත දේව සිල්වා සහ සුරාබදු අධිකාරි (කොළඹ නගරය* ශාමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ නගරය සුරාබදු ස්ථානාධිපති චානක නානායක්කාර මහතාගේ අධීක්‍ෂණය යටතේ සුරාබදු පරීක්‍ෂක සංජය නිශාන්ත, සුරාබදු සැරයන් මේජර් රුවන් කුමානායක, සුරාබදු නියාමකවරුන් වන ධනංජය පුෂ්පකුමාර, කේ. ඩබ්. එල්. ඉන්දික, රවීන්ද්‍ර පෙරේරා, පී. අරවින්ද, නලින් ප‍්‍රියංකර, අනුරසිරි පීරිස්, නිලන්ත රාජපක්‍ෂ, සුරාබදු රියැදුරු ලංකා යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top