මධ්‍යම පළාතේ ගුරුවරුන් 4,365ක හිඟයක්
Thursday, 20 February 2020 - 7:51 | Views - 744

මධ්‍යම පළාතේ පාසල් 1521ක ගුරුවරුන් 4365ක හිඟයක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා ඉකුත්දා (16දා) පැවැසීය.

අධ්‍යාපනය ලබා සුදුසුකම් සපුරා ඇති පිරිස ගුරු සහායකයන් ලෙස බඳවාගෙන මෙම ගුරු හිඟයට පිළියමක් යෙදීම සඳහා තමන් රජයට යෝජනා කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. 

මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙත් පළාත් පාසල් 1467ක ජාතික පාසල් 54ක් පවතින බවත් සිංහල පාසල් 920 ක්ද, දමිළ පාසල් 451ක්ද මුස්ලිම් පාසල් 96ක්ද ඇති අතර කාන්තා පාසල් 27ක් පිරිමි පාසල් 15ක් පවතින බව ලේකම්වරයා පැවැසීය. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන ඒකක 122ක් ඇති බවත් එහි දරුවන් 1255 දෙනකු අධ්‍යාපනය ලැබුවද ගුරුවරුන් 82ක පමණ හිඟයක් පවතින බව දැනට මධ්‍යම පළාතේ කොට ඇති සමීක්ෂණ අනුව අධ්‍යාපන කලාප 15ක් දුෂ්කර කලාප ලෙස විල්ගමුව, නුවරඑළිය හැටන් හා වලපනේ කලාප නම් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි. 

එහෙත් මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇති පාසල් රැසක් දුෂ්කර පාසල් ලෙස පැවැතියද ඒවා හඳුනාගෙන නොමැතිවිම බරපතළ ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය. 

ඉදිරියේදී මධ්‍යම පළාතේ පාසල් මට්ටමින් දුෂ්කර පාසල් සහ අති දුෂ්කර පාසල් ප්‍රියමනාප පාසල් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි ලේකම්වරයා පෙන්වා දුන්නේය. 

මධ්‍යම පළාතේ පවතින ගුරු හිඟය හේතුවෙන් පළාතේ දරුවන්ට ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීම සඳහා බරපතළ ගැටලුවක් මතුව තිබෙන බව ඒ මහතා සඳහන් කළේය. 

තම පළාත තුළ අවම වශයෙන් ගුරුවරුන් 30,000 පමණ සේවයේ යෙදුණහොත් පළාතේ දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කිරීමට වී ඇති බව ඒ මහතා කීය.

 

දඹුල්ල - කේ. කේ. ආරියදාස

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top