
මධ්‍යම පළාතේ පාසල් 1521ක ගුරුවරුන් 4365ක හිඟයක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා ඉකුත්දා (16දා) පැවැසීය.
අධ්‍යාපනය ලබා සුදුසුකම් සපුරා ඇති පිරිස ගුරු සහායකයන් ලෙස බඳවාගෙන මෙම ගුරු හිඟයට පිළියමක් යෙදීම සඳහා තමන් රජයට යෝජනා කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙත් පළාත් පාසල් 1467ක ජාතික පාසල් 54ක් පවතින බවත් සිංහල පාසල් 920 ක්ද, දමිළ පාසල් 451ක්ද මුස්ලිම් පාසල් 96ක්ද ඇති අතර කාන්තා පාසල් 27ක් පිරිමි පාසල් 15ක් පවතින බව ලේකම්වරයා පැවැසීය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉගෙනුම ලබන ඒකක 122ක් ඇති බවත් එහි දරුවන් 1255 දෙනකු අධ්‍යාපනය ලැබුවද ගුරුවරුන් 82ක පමණ හිඟයක් පවතින බව දැනට මධ්‍යම පළාතේ කොට ඇති සමීක්ෂණ අනුව අධ්‍යාපන කලාප 15ක් දුෂ්කර කලාප ලෙස විල්ගමුව, නුවරඑළිය හැටන් හා වලපනේ කලාප නම් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
එහෙත් මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇති පාසල් රැසක් දුෂ්කර පාසල් ලෙස පැවැතියද ඒවා හඳුනාගෙන නොමැතිවිම බරපතළ ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී මධ්‍යම පළාතේ පාසල් මට්ටමින් දුෂ්කර පාසල් සහ අති දුෂ්කර පාසල් ප්‍රියමනාප පාසල් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මධ්‍යම පළාතේ පවතින ගුරු හිඟය හේතුවෙන් පළාතේ දරුවන්ට ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීම සඳහා බරපතළ ගැටලුවක් මතුව තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.
තම පළාත තුළ අවම වශයෙන් ගුරුවරුන් 30,000 පමණ සේවයේ යෙදුණහොත් පළාතේ දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කිරීමට වී ඇති බව ඒ මහතා කීය.
දඹුල්ල - කේ. කේ. ආරියදාස
82 Views
104 Views
269 Views
170 Views
135 Views
146 Views
157 Views
147 Views
119 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
72 Views
33 Views