
රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කළ කෘතහස්ත ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ඊයේ (19) මහනුවර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වුනා.
අභාවප්‍රාප්ත වන විට 80 වියේ පසුවූ මිරැන්ඩෝ ඔබේසේකර මහතා තිදරු පියෙක්.
“රිදී පෑන" ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මිය යනවිට පර්යේෂණ කෘති ඇතුලු කෘති 54 ක් රචනාකොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ග්‍රන්ථ කතෘවරයෙක්ව සිටියා.
1940.05.02 දින රත්නපුරයේදී උපත ලැබු මිරැන්ඩෝ ඔබේසේකර මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගුරුවරයෙකු කථිකාචාර්යවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙස රටට මහඟු සේවයක් සිදු කළ විද්වතෙක්.
මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා ගලේවෙල තලකිරියාව ඔබේසේකර අරණේ තැනපත්කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.
මාතලේ - හේවා පි.කරුණාරත්න
82 Views
104 Views
269 Views
170 Views
135 Views
146 Views
157 Views
147 Views
119 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
72 Views
33 Views