පාස්කු ඉරිදා ප්‍රහාරයට,මාලදිවයින් ජාතිකයින් සිව්දෙනෙකු සොයයි
Wednesday, 19 February 2020 - 20:03 | Views - 417
පාස්කු ඉරුදින ප්‍රහාරයට, මාලදිවයින් ජාතිකයන් හතරදෙනෙකු ද සහය දක්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 216 දෙනා අතරින් 153 දෙනෙකු තවදුරටත්
රඳවාගෙන සහ රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින බවයි.
Share This Article