වෝහාරික විගණන වාර්තාවේ විවාදය ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක්
Wednesday, 19 February 2020 - 20:03 | Views - 357
මහබැංකුව විසින් තෝරාගන්නා ලද සමාගමක් හරහා සිදුකළ වෝහාරික විගණන වාර්තාවක් විවාදයට ගැනීමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කළා.
ඒ, අදාළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන දින දෙකක විවාදය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින්.
අමාත්‍යවරයාගේ එම කරුණු දැක්වීමේදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඊට මැදිහත්වුණා.
Share This Article