ජාතික පාසල් ගුරු මාරු තාවකාලිකව නවතයි
Wednesday, 19 February 2020 - 20:01 | Views - 586
සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බලා සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලික ව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව, මේ වර්ෂයේ අදාළ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලබනවා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩල රැස්වීම් නතර කිරීමක් සිදු නොවෙනු ඇති.

ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත අතර එමඟින් ගුරුවරුන්ට වඩාත් පහසුවෙන් හා ක්‍රමවත් ව හා පෞද්ගලිකව ම අන්තර්ජාලය හරහා තමන්ගේ ගුරු ස්ථාන මාරුව පිළිබඳ විනිවිදභාවයෙන් යුතු ව තොරතුරු යාවත්කාලීන කරගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top