දින ගණනාවක් අතුරුදහන්ව සිටි පුද්ගල මළ සිරුරක් යාපනයේ ළිඳකින්
Wednesday, 19 February 2020 - 15:22 | Views - 423
යාපනය,පුංකුඩිතිව් ප්රදේශයේ ළිඳක තිබි පුද්ගල මළ සිරුරක් අද (19) සොයාගත් බව යාපනය කයිටස් පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ යාපනය නාවට්කුලි ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන තාක්ෂණ නිළධාරියෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමට නියමිත ඇති අතර අදාළ පුද්ගලයා සියදිවි නසාගෙන ඇතිද, ඝාතනය කොට ඇතිද යන්න සම්බන්ධයෙන් තවමත් තහවුරු වී නැත.
Share This Article