දිල්ශාන් , මුරලි ,වාස්, කළු, අජන්ත යලි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටිය දෙවනත් කරන්න සුදානම් වෙයි
Wednesday, 19 February 2020 - 14:50 | Views - 1,406
Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය” සඳහා මේ වන විට මුළු මහත් ක්‍රිකට් ලෝකයේම අවධනය යොමුව තිබෙනවා.

ක්‍රිකට් පුරාවෘත්තයින් රැසක් ඒකරාශී කර ගනිමින් දියත් කෙරෙන මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ මාර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත් එමඟින් විනය ගරුක සමාජයක් බිහිවන ආකාරයත් පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත් කිරීමයි.

තරගාවලිය සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සහභාගී වනවා.

මේ සඳහා සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි ලෝක පූජිත පිතිකරුවන් වගේම බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන් වැනි අසහාය පන්දු යවන්නන් ද මෙම තරඟාවලිය සඳහා සහභාගී වනවා.

එළැඹෙන මාර්තු මස 07 වනදා ඉන්දීය-කොදෙව් ගැටුමෙන් ආරම්භ වන තරගාවලිය මාර්තු මස 22 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරඟ 11කින් සමන්විත මෙම තරගාවලිය ඉන්දියාවේ ක්‍රීඩාංගන හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දැනටමත් කණ්ඩායම් කිහිපයක්ම තම අවසන් සංචිතයන් එළිදක්වා ඇති අතර ඒ අනුව යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ද නම් දැරූ ක්‍රීඩකයින් රැසක ගෙන් සන්නද්ධ, සෙසු කණ්ඩායම් වලට නොදෙවෙනි සංචිතයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව තිලකරත්න ඩිල්ශාන් කණ්ඩායම මෙහෙයවීම භාරධූර වගකීම හිමිවී ඇති අතර සෙසු ක්‍රීඩකයින් පහත පරිදි වනවා.

චමින්ද වාස්
මුත්තයියා මුරලිදරන්
ෆර්විස් මහරුෆ්
මාවන් අතපත්තු
රංගන හේරත්
රොමේෂ් කලුවිතාරණ
තිලින කණ්ඩම්බි
අජන්ත මෙන්ඩිස්
උපුල් චන්දන
දුලංජන විජේසිංහ
චාමර කපුගෙදර
සචිත්‍ර සේනානායක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top