කාන්තාවන් වෙනුවට බෝනික්කන් කරකාර බැඳගත් මිනිසුන් ගැන, අරුම පුදුම කතාවක් මෙන්න- [Photos]
Wednesday, 19 February 2020 - 13:54 | Views - 918
මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්. මේ කතාවත්... ඒ විදිහේ අසාමන්‍ය පුද්ගලයින් ගැන ඇහෙන කතාවක්.
 
මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ. මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

ඔව්... ඒක විශ්වාස කරන එක ටිකක් අපහසුයි නම් තමයි. හැබැයි ඒ විදිහේ මිනිස්සු ඉන්නවා. මේ බෝනික්කන් ඔවුන් කරකාර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන්ම පමණක් නොවෙයි. ඔවුන් තමයි මේ අයගේ හැමදේම. තමන්ගේ ආදරය.. දුක සතුට... හැමදේම ඔවුන් කියන්නෙ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට. ඒ නිසාමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නෙ.
 
ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක ඕවා මහා පුදුමසහගත දේවලුත් නෙවෙයි ඉතින්. CSI කියන රූපවාහිනි කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික "සිලිකන්" බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම Prison Break කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි "ලිංගික බෝනික්කන්" නැව් පටවගෙන යන හාදයෙක්ව අපිට මුණ ගැහෙනවා. හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නෙ නැහැ.
 
ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙන් කසාඳ බැඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්. ඔවුන් මේ සහකාරිය සමඟ ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම්, කොණ්ඩා සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරෙකින් වගේම ආඩම්බරයකින්.
 
මේ විදිහට බැලූ අතට ජීවමාන පෙනුමකින් යුක්ත බෝනික්කන් නිපදවීම සඳහා ප්‍රසිද්ධම තැනක් තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බවයි දැනගන්න ලැබෙන්නේ. මේ එක බෝනික්කෙක් පවුම් 3000 ඉක්මනවා. ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා. ඒ මොකද... මේ අයගේ ස්වරූපය වෙනස් කරන්න අවශ්‍ය දේත් ඔවුන් විසින්ම ලබා දෙනවා. උදාහරණයක් විදිහට රාත්‍රීයට දෑස් වසා සිටින පෙනුම ලබාදෙන්න ඒ විදිහේ දෑස් යුගල, බොරු කොණ්ඩ, දැන් දැන් ශරීර උෂ්ණත්වය දැනෙන යන්ත්‍ර පවා ඔවුන් සවි කරනවා.
 
නිකමට හිතන්න තමන්ගේ මේ "බෝනික්කි සහකාරිය" හදිසියේ ලෙඩ වුණොත් එහෙම? ඒ කියන්නේ ඒක පැහැදිලිවම කාර්මික දෝශයක්. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ඒ වෙනුවෙන්ම වුණු දොස්තර මහත්වරු විදිහට "කාර්මිකයෝ" වෙනම ඉන්නවා. ඇත්තටම සමහර අය මේ බෝනික්කන්ව ලිංගික කටයුතු වලට පමණක් නොවේ. කලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහාත් යොදා ගන්නවාලු.
 
කාලයකට කලින් උකුලේ බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කථන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිතා කළාලූ. ඒ දේවල නව්‍යකරණය කරලා ඉදිරියේදී බොහෝ විට "පණ ඇති තැනැත්තියක්" විදිහට මේ බෝනිකි සහකරුවන් කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් රොබෝ කෙනෙකුට සමාන සහකාරියක්.
 
අපි මේ කතාව ටිකක් වෙනස් තැනකට අරන් යමු. මේ බෝනික්කන් සහකාරියන් කරගැනීමේ කතාව දෙවැනි ලෝක යුද සමයේත් සිදු වුණු බවට ඉතිහාසය සාක්ෂී දරනවා. දරුණු පාලකයෙකු වුණු හිට්ලර් විසින් මේ ක්‍රමවේදය තමන්ගේ නාසි හමුදාව උදෙසා භාවිතා කරනවා. ඒ වෙනුවෙන් වෙනම කර්මාන්ත ශාලාවකුත් ඉදිවුණා කියලයි දැනගන්න ලැබෙන්නෙ.
 
ඇත්තටම මේ විදිහේ දෙයක් කරන්න හේතු වුණේ ඒ වෙනකොට පැතිරිලා තිබුණු සමාජ රෝගයකින් තමන්ගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ උවමනාවක් හිට්ලර්ට තිබුණු නිසයි. මේ බෝනික්කන් සඳහා ආදර්ශ සපයන්න හංගේරියාවේ ජනප්‍රිය නිළියකටත් ආරාධනා ලැබුණා කියලා කතාවක් තියනවා. අවසානයේ නිර්මාණය වුණු මේ බෝනික්කන් දීප්තිමත් කොණ්ඩයකින් සහ නිල් පැහැති ඇස්වලින් යුක්තලු.
 
කොහොම වුණත්, ප්‍රමාණයෙන් කුඩා පිටේ එල්ලගෙන යන්න පුළුවන් විදිහේ මේ බෝනික්කන්ව ගෙනියන්න නම් සෙබළු කැමති වෙලා නැහැ. ඒකට හේතුව සමාජ රෝගවලට ආස වීම නම් නෙවෙයි. හදිසියේ හරි සතුරු හමුදාවට මේවා අහුවුණොත් පත්වෙන ලැජ්ජාව නිසාවෙනුයි.
 
එදා ඒ විදිහට සිද්ධ වෙද්දි, අදටත් මේ විදිහේ බෝනික්කන් එක්ක පවුල් ජීවිත ගත කරන ඈයෝ ඉන්නවා. ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේම ඒක මහා පුදුමයට කාරණාවක් නෙවෙයි.
 
Credit: Sundara Lokaya (සුන්දර ලෝකය)

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top