ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලීව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැනේ.
ක්‍රිකට් රසිකයින් පිස්සු වට්ටපු කෝලී, මේ දවස්වල නවසීලන්තයේ සංචාරයක යෙදිලා ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි මේ කතාව නම් කෝලීගේ නවසීලන්ත චාරිකාව ගැන නෙවෙයි.
නිතරම සමාජ මාධ්‍ය ඔස්සෙ තමන්ගේ රසික පිරිස් සමඟ සමීප වෙන කෝලී, අමුතුම විදිහේ ඡායාරුපයක් ඔහුගේ ට්විටර් ගිණුමට එකතු කරලා තිබුණා.
මේ ඡායාරූපයේ ඔහු සමඟ වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් ෂාමි සහ ආරම්භක පිතිකරුවෙකු වන ෂෝ ත් ඉන්නවා.
කෝලි මෙහි "කැපෂන්" එක යොදලා තියෙන්නෙ, Naya post Sundar dost කියලයි.
ට්විටර් වලින් පත්තු කරපු මේ ඡායාරූපය මේ වෙද්දි බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගනිමින් සිටිනවා.
ඒ වගේම තවත් පිරිසක් කෝලිගේ මේ අලුත් Meme එක ලුහුබඳින්න පටන් අරන් කියලයි දැනගන්න ලැබෙන්නේ.