වසර 46ක් ජනශුන්‍ය වූ හොල්මන් නගරය යළිත් මිනිස් වාසයට
Wednesday, 19 February 2020 - 12:41 | Views - 1,063
යුද කෝලාහල නිසා වසර 46ක් පාළුවට හැරදමා තිබූ වරෝෂා නගරය යළි විවෘත කිරීම සඳහා සාකච්ඡා කිරීමට තුර්කි සහ සයිප්‍රස් නිලධාරීන් පසුගියදා හමුවී තිබේ.

නැඟෙනහිර සයිප්‍රසයේ පිහිටි ගැසිමැග්‍යුසා හෙවත් දකුණුදිග ෆැමගුස්තාවට අයත් මෙම ප්‍රත්‍යන්ත නගරය යළි පිබිදවීම ඓතිහාසික අවස්ථාවක් බවද එමඟින් සංචාරක සහ ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්වනු ඇතැයි ද එම ප්‍රදේශයේ සංචාරයක නියැළුණු තුර්කි උප ජනාධිපති ෆුවැට් ඔක්ටේ පවසා ඇත.

1974දී ග්‍රීසියේ අනුදැනුම මත කුමන්ත්‍රණයක් සිදු වූ අතර, ඉක්බිතිව තුර්කිය විසින් උතුරු සයිප්‍රසය ආක්‍රමණය කරන ලදී. එම අවස්ථාවේ ගැසිමැග්‍යුසා ප්‍රදේශයේ විසූ ග්‍රීක-සයිප්‍රස් වැසියන් පලාගිය අතර, පසුව තුර්කි හමුදාව විසින් කම්බි වැටකින් වටකොට මෙම නගරය අත්හැර දමනු ලැබිණි. එතැන් සිට එම නගරය මේ දක්වා වසර 46ක් ජනශුන්‍යාකාරයෙන් පැවතී තිබේ.

“මෙම පාරාදීසමය වෙරළ තීරය මිනිස් වාසයෙන් අත්හැර දමනු ලැබීම අවාසනාවන්ත තත්ත්වයකි. සුන්දර වරෝෂා නගරය කේන්ද්‍ර කරගෙන ආර්ථික, සමාජයීය හා වෙළෙඳ යන අංශවල පුනර්ජීවනයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් තුර්කි සහ සයිප්‍රස් නිලධාරීන් සමඟ ඔක්ටේ වැඩිදුරටත් පවසා ඇත.

සයිප්‍රස් - කොදෙව්වේ බෙදීම සිදු වූ 1974 දක්වා එහි දකුණු ප්‍රදේශය ග්‍රීක-සයිප්‍රස් වැසියන්ගෙන් ද, උතුරු ප්‍රදේශය තුර්කි-සයිප්‍රස් වැසියන්ගෙන් ද ප්‍රධාන වශයෙන් ජනාවාස වී තිබිණි.

මව්බිම

Image result for varosha cyprus
Image result for varosha cyprus
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top