කොරෝනා වෛරසය වැළදී සුව වූ, චීන කාන්තාව අද අයි.ඩී.එච්. රෝහලින් පිටත් කිරීමට පියවර
Wednesday, 19 February 2020 - 10:24 | Views - 382
ලොව පුරා කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2008ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව 75,176ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් අද පෙරවරුවේ රෝහලෙන් නික්ම යාමට නියමිතයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කළේ අද පෙරවරුවේ රෝහලෙන් පිටත් කර හරින ඇය කටුනායක ගුවන් තොටුපළින් චීනය බලා පිටත්ව යාමට නියමිත බවයි.
Share This Article