තේ පඳුරු අතර තිබී බිලිඳු මළ සිරුරු දෙකක්
Wednesday, 19 February 2020 - 9:22 | Views - 498
බිලිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය, මාගස්තොට, ඉහළ වැව පාරේ,  නේස්බි තේ වතුයායේ තේ පඳුරු අතර දමා ගොස් තිබියදී ඊයේ (18) සොයා ගත්බව නුවරඑළිය පොලිසිය පවසයි.

එක් බිළිඳෙකුගේ  මළ සිරුරක්  වතු කම්කරුවන් දැක ඒ බව   පොලිසියට දැනුම්දී  ඇති අතර ඉන් පසුව පොලිසිය පැමිණ  සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයේදී තවත් බිලිඳු  මළ සිරුරක් ඊට යාබදව තිබි  හමුවී ඇත.

ඉපදී කෙටි කාලයක් ඇතුළත මෙම බිලිඳු  මළ සිරුරු දෙක මෙසේ  තේ පඳුරු තුළට දමා  සගවා යන්නට ඇති බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

පිරිමි හා ගැහැණු දෙවර්ගයට අයත් මෙකී බිලිඳු  මළ සිරුරු  ඇතැම්විට නිවුන් දරුවන් විය හැකි බව පොලිසිය සැක කරන අතර ඔවුන් චීත්ත රෙදි දෙකක ඔතා එම ස්ථානයට ගෙවිත් දමා තිබිණි.

බිලිඳු  මළ සිරරු දෙක දැනට නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව නුවරඑළිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top