මන්නයකින් පහරකෑ කුලියාපිටියේ සුනඛයාට පැය 4ක සැත්කමක්
Wednesday, 19 February 2020 - 8:16 | Views - 1,228
කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සුනඛයෙකු හිස සහ මුහුණ අතර ප්‍රදේශයේ මන්නා පිහියක් සහිතව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමර්ශනයකදී අනාවරණ වුණේ අදාළ සුනඛයා බරපතල තුවාල සහිතව පළමුව කුලියාපිටිය - දණ්ඩගමුව පශූ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති බවයි.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම සුනඛයා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා.

එහි වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම සුනඛයාට පැය 4 පමණ සැත්කමක් සිදුකිරීමෙන් අනතුරුව අදාළ මන්න පිහිය ඉවත් කළ බවයි.

අඟල් 3 ක් පමණ සුනඛයාගේ හිස සහ මුඛය අතර ප්‍රදේශය තුළ මෙම මන්නා පිහිය කිදා බැස තිබූ බවද ඔහු සඳහන් කළා.

සුනඛයාගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි එම වෛද්‍යවරයා සඳහන් කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සුනඛයාගේ හිමිකරු කියා සිටියේ තමන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකරන බවයි.

No photo description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top