නිවසේ විදුලිය විසන්ධිවූ වෙලාවේ අවුරුදු 6ක් වයසැති දැරියට අතවර කරලා
Wednesday, 19 February 2020 - 8:02 | Views - 959
අවුරුදු 6 ක් වයසැති දැරියකට ලිංගික අතවර කළ පුද්ගලයකු බිබිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බිබිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
බිබිල මහෙස්ත්රාත් බුවනක රාජකරුණා මහතා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බිබිල සිකුරාලන්දේ පදිංචි 51 වියෑති අතුල පෙරේරා නමැති අයෙකි.
මෙම දැරිය හා ඇගේ දෙමාපියන් නිවස අසල බණ ගෙදරකට ගොස් තිබේ. ටික වේලාවකින් දැරිය තම නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දැරියගේ සීයා හා ආච්චිය. දැරිය පැමිණ සුළු වේලාවකින් නිවසේ විදුලිය විසන්ධි වී තිබේ. එම අවස්ථාවේ දැරියට අතවර කර තිබෙන බවත් දැරියගේ පියා හා ප්රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.
Share This Article