ධීවර දැලක පැටලී සිටි කැස්බෑවන් පහළොවක් නාවික හමුදාවෙන් මුදාගනී
Tuesday, 18 February 2020 - 16:25 | Views - 643
නාවික හමුදා නිලධාරීන් මන්නාරම මුහුදු කලාපයේ ධීවරයන් විසින් එළන ලද දැලක පැටලී සිටි කැස්බෑවන් 15 දෙනකු නිදහස් කොට පසුගියදා යළි මුහුදට මුදාහැර තිබේ.

මන්නාරම ප‍්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී ධීවරයන් විසින් මාළු ඇල්ලීම සඳහා යොදනු ලබන දැලක සිරවී සිටි කැස්බෑවන් 15 දෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්‍ෂණිකව ක‍්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත.

එහිදී කැස්බෑවන් සියලූ දෙනාම ආරක්ෂිතව සාගරයට මුදාහැරීමට කටයුතු කරන ලදී.

වඳවී යන සත්ත්ව විශේෂයක් ලෙස නම්කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ත්ව විශේෂය ආරක්ෂා කරගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ‘‘නීල හරිත සංග‍්‍රාමය’’ යටතේ කැස්බෑ සංරක්ෂණය සඳහා ද නාවික පුද්ගලයන් සිය දායකත්වය සැපයීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන බව නාවික හමුදාව පැවසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top