අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ධාවනය රාත්‍රීයේ පමණයි
Tuesday, 18 February 2020 - 15:45 | Views - 1,548
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා (Semi Luxry) පස්වරු 7 සිට පසුදා අලුයම 6 දක්වා පමණක් ධාවනය කරවීමට අදාලව නව නීතියක් ගෙනඒමට ප්‍රවාහන සේවා කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

අද උදෑසන ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එම තීරණය ඇතුළු අර්ධ සුඛෝපභෝගී බස් රථ පිළිබඳව ඉදිරියේදී පැනවීමට නියමිත තවත් නීති කිහිපයක් අඩංගු කැබිනට් පත්‍රිකාවක් එළඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අර්ධසුඛෝපභෝගී බස් රථ දිවා කාලයේදී මුළුමනින්ම ධාවනය නොකිරීම, එක් ගමන්වාරයකදී කිලෝමීටර් 200 ට වඩා වැඩි දුරක් ධාවනය කිරීම යන නීති ද එම තීරණ අතරවනවා.

කෙසේ වෙතත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව මුළුමනින්ම අහෝසි කිරීමටයි මීට පෙර තීරණය කර තිබුනේ.

ඒ මගී ජනතාව විසින් මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි සැළකිල්ලට ගනිමින්.

පසුව ජාතික ගමනාගමන කොමිසම මේ පිලිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දැනට මෙම සේවාව යටතේ බස්රථ 437 ක් ධාවනය වන බව අනාවරණය වූවා.

මේ හේතුවෙන් මෙම සේවාව එකවර අහෝසි කිරීම හිතකර නොවන බවයි එම කොමිසම නිර්දේශ කර ඇත්තේ.

තවද දැනට ධාවනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ 25 ක් වායුසමනය කර සුඛෝපභෝගී බස් රථ ලෙසින් පවත්වාගෙන යාමටත්, තවත් බස් රථ 7 ක් සාමාන්‍ය බස් රථ ලෙස ධාවනයට එක්කිරීමටත් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top