උගන්ඩාවේ නව යොවුන් නිළි නිකිටා අවසන්ගමන් යයි
Tuesday, 18 February 2020 - 15:19 | Views - 1,558
වයස අවුරුදු 15 දී අභාවප්‍රාප්ත වූ උගන්ඩාවේ නව යොවුන් නිළි නිකිටා පර්ල් වලිග්වාටගේ දේහයට උපහාර දැක්වීම් ඇය රඟපෑ  ක්වීන් ඔෆ් කැට්වේ චිත්‍රපටයේ තරු විසින් සිදුකරන ලදී.

වලිග්වාට මොළයේ ගෙඩියක් ඇති බව හඳුනා ගැනීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා කම්පාලා අගනුවර රෝහලේදී මිය ගියාය.

ඇය 2016 ඩිස්නි චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර එය උගන්ඩාවේ මුඩුක්කු නිවාසයක චෙස් ක්‍රීඩකාවක වන ෆියෝනා මුට්සිගේ සත්‍ය කතාව පදනම් කර ගෙන නිර්මාණය වූවකි.

ඇය සමග එම චිත්‍රපටයේ රංගනයේ නිරත වූ රංගන ශිල්පී ඩේවිඩ් ඔයෙලෝවෝ ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක ලියා තිබුණේ, "ඇය කට්වා රැජිනගේ සහ ජීවිතයේ ආලෝක කදම්භයක් වුණා." යනුවෙනි.

ඔහු ෆියෝනා මුට්සිගේ චෙස් ගුරුවරියගේ චරිතය රඟපෑ අතර ලුපිටා නියොන්ගෝ ඇගේ මව ලෙස රඟපෑවාය.

වලිග්වා නිරූපණය කළේ ෆියෝනාගේ මිතුරියක් වන ග්ලෝරියාගේ චරිතයයි.

Image result for Uganda teenager Nikita Pearl
Image result for Uganda teenager Nikita Pearl
Image result for Uganda teenager Nikita Pearl DEATH
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top