රඹුක්කන - කෑගල්ල මාර්ගය අද සහ අනිද්දා පැය කිහිපයකට වසා තැබේ
Tuesday, 18 February 2020 - 14:08 | Views - 643
රඹුක්කන කෑගල්ල මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය අද සහ අනිද්දා පැය කිහිපයකට වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම මාර්ගය අද පස්වරු 6 සිට හෙට දින අලූයම 6 දක්වා සහ අනිද්දා හවස 6 සිට ඊට පසුදින උදෑසන 6 දක්වා මෙලෙස වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙලෙස මාර්ගය වසා තැබෙන කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද, දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
Share This Article