යශෝධ රංගේබණ්ඩාරගේ රියදුරු බලපත්‍රය මාස 6 කට අත්හිටුවයි
Tuesday, 18 February 2020 - 14:01 | Views - 662
හලාවත - බංගදෙණිය ප්‍රදේශයේදී බීමතින් රිය පදවා දේපළ හානි සිදුකිරීම හා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාරට රුපියල් 32,500ක දඩ මුදලක් නියම කිරීමට හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී දඩ මුදල නොගෙවන්නේ නම්, මාස 6 ක සිරදඬුවම් පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

එමෙන්ම, සැකකරුගේ රියදුරු බලපත්‍රය ද මාස 6 ක කාලයකට අත්හිටුවීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළේ.

රිය අනතුරෙන් අලාභ හානි සිදුවූ නිවස යළි අලූත්වැඩියා කටයුතු කර අධිකරණයට වාර්තා කරන ලෙසත්, රජයේ වාහනයකට අලාභ හානි සිදුකිරීමට අදාළව වෙනත් නඩුවක් ගොනුකරන ලෙසත්,  මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කරනු ලැබුවා.

හලාවත - පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය - කෝට්ටපිටිය මංසන්ධියේදී මෙම රිය අනතුර සිදුවූයේ පසුගිය වසරේ ජුනි 6 වනදායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top