වී අස්වැන්න නෙලන්න ගිය ගොවියා පොළොං විෂෙන් මරුට
Tuesday, 18 February 2020 - 13:40 | Views - 1,947
සිය වගා බිමේ අස්වැන්න නෙලීමට ගිය ගොවි මහතෙකු පොළගෙකු දෂ්ඨ කිරීමෙන් මිය යාමේ අවාසනාවන්ත පුවතක් ගල්කිරියාගම උල්පතගම ප්රදේශයෙන් වාර්තාවනවා වනවා.
ඊයේ[17] පස්වරුවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ ගල්කිරියාගම උල්පතගම ප්රදේශයේ පදිංචිව සිටි එච්.ඒ. නවරත්න නමැති හැට හැවිරිදි තිදරු පියෙක්.
උල්පතගම ප්රදේශයේ පිහිටි සිය කුඹුරේ වී අස්වනු නෙලීමට ගිය අවස්ථාවේ නවරත්න මහතා පොළගා ගේ දෂ්ඨ කිරීමට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ එහි සිටි සෙසු පිරිස නවරත්න මහතා කඩිනමින් ප්රතිකාර සදහා දඹුල්ල මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණා.
පොළගාගේ විග්ර උග්ර වීමෙන් බරපතළ තත්ත්වයේ සිටි නවරත්න මහතා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගියා.
එම මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය කිරළව කෝරලයේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර ගල්කිරියාගම පොලිසිය එම හදිසි මරණය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදු කරනවා.
Share This Article