වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයාත් වයිරසයෙන් මිය යයි
Tuesday, 18 February 2020 - 12:34 | Views - 938
වූහාන්හි පිහිටි ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද(18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ ඉහළ ම නිලතල දරමින් සිටි පිරිස අතර, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය දෙවන වෛද්‍යවරයා මොහුය.

වයිරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මහතා පසුගිය මාසයේදී මිය ගියේය.

ඊයේ රාත්‍රියේ හුබෙයි සෞඛ්‍ය කොමිසමෙහි, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරන කටයුතු දෙපාර්තමේන්තුව සමාජ මාධ්‍ය යෙහි පළ කර තිබුණේ ලියූ වෛද්‍යවරයා මිය ගිය බවයි. නමුත් ඉන් පසුව ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ වෛද්‍යවරයා ජීවතුන් අතර සිටින බවය.

ඔහුව බේරාගැනීමට රෝහල හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද, පළමුව කළ ප්‍රකාශය ලියූගේ සමීප මිතුරකුගෙන් ලද වැරදි තොරතුරුක් බවද කොමිසම එම දෙවන ප්‍රකාශයෙන් පවසා තිබිණි.

ඊයේ(17) රාත්‍රියේ වෛද්‍ය ලියූ මහතාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාලයේද ව්‍යාකූල අදහස් පළ කෙරෙමින් තිබිණි.

පසුව චීනයේ රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශයක් නිකුත් කරමින් අද උදෑසන මෙම මරණය වාර්තා කර තිබිණි.

වෛද්‍ය සේවකයෝ 10,000ක් පමණ පිරිසක් මේ වනවිට වයිරසය මැඩපැවැත්වීමට ක්‍රියාකරමින් සිටිති. චීනයේ බලධාරීන් පැවසුවේ සිකුරාදා දිනය වනවිට සෞඛ්‍ය සේවකයන් 1716කට රෝගය ආසාදනය වී ඇති අතර, 6දෙනෙකු මිය ගිය බවය.

ලංකාදීප
Image result for The chief director of Wuhan Hospital dies

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top