කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට සිදුවී ඇති බලපෑම මත සිය ජංගම දුරකථන වල ආදායම අඩුවනු ඇති බවට ඇපල් සමාගම පවසනවා.
මේ හේතුව නිසා නිෂ්පාදනයට සහ අලෙවියට බලපෑම් ඇති බවත්, “ලොව පුරා අයිෆෝන් සැපයුම තාවකාලිකව සීමා කරනු ඇති” බවත් එම සමාගම පවසනවා.
පසුගිය වසර කිහිපය තුල දුරකථන කේෂ්ත්රය තුල විශාල අලෙවියක් සහ ලාභයක් ලැබූ ඇපල් සමාගමට මේ වසරේ එය එලෙස පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.
