ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්යයි
Tuesday, 18 February 2020 - 11:37 | Views - 958
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම පිණිස පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
Share This Article