ලොව දැවැන්ත තරුවක් වන එල්ටන් ජෝන්, ගී ගයන්න බෑ කියයි
Tuesday, 18 February 2020 - 11:01 | Views - 734
රෝගී වීම හේතුවෙන් සංගීත ලොව දැවැන්ත තරුවක් වන ශ්‍රීමත් එල්ටන් ජෝන් මහතා ගේ ප්‍රසංගයක් අතරමැද දී නතර කිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි පැවති මෙම ප්‍රසංගය ඔහු ගේ Farewell Yellow Brick Road සංචාරයේ කොටසක් විය.
'කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්' හා 'ඕල් ද ගර්ල්ස් ලව් ඇලිස්' වැනි ගීත කිහිපයක් ගායනා කළ ඔහුට, 'ඩැනියල්' ගීතය අතරමගදී තවදුරටත් ගායනා කිරීමට නොහැකි වී ඇත.
සිය කටහඬ අහිමි වී ඇති බවත්, තමාට තවදුරටත් ගායනා කළ නොහැකි බවත් පවසමින් ඔහු ප්රේක්ෂකයන්ගෙන් සමාව අයැද ඇත. ප්‍රසංගය ඇරඹීමට පෙරද සිය ප්‍රේක්ෂකයන් අමතමින් ජෝන් මහතා පවසා තිබුණේ තමා වෝකින් නිවුමෝනියා රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවයි.
ඔහු සහයකයන් කිහිපදෙනෙකු සමග ප්‍රසංග වේදිකාවෙන් නික්ම ගොස් තිබුණේ ප්‍රේක්ෂකයන් ගේ දැවැන්ත අත්පොලසන් නාදය හා උණුසුම් හරසර මැදයි. තමා හට මෙම ප්රසංගයේදී ලද සහයෝගය ඉතා ඉහලින් අගය කරන බවත්, ස්තූතිවන්ත වන බවත් ඔහු සමාජ ජාල මාධ්‍ය වල සටහනක් යොදමින් පසුව පවසා ඇත.
Share This Article