අවුරුදු 03ක කුඩා දරුවා මුහුණ පෑ අවාසනාවන්ත අනතුර කැමරාවේ සටහන් වූ හැටි
Tuesday, 18 February 2020 - 10:50 | Views - 719
පසුගියදා දෙල්තොට නගරයේදී මාර්ගය හරහා මාරු වීමට උත්සහ කළ කුඩා දරුවෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුරට ලක්ව තුවාල ලබා තිබෙනවා.
වයස අවුරුදු 03ක කුඩා දරුවෙකුයි මෙලෙස අනතුරට මුහුණ පා ඇත්තේ.
තුවාල ලැබූ දරුවා දෙල්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරුපැදි පදවාගෙන පැමිණ පුද්ගලයාට රියදුරු බලපත්රයක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.
අදාල පැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුර අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.
Share This Article