පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ පිහිටි නිවසක් හිමෙන් වැසී යාම හේතුවෙන් පැය 18කට වැඩි කාලයක් හිම යට වැළලී සිටි 12 හැවිරිදි නිරුපද්‍රිතව බේරාගෙන ඇත.
සමීනා බිබී නමැති මේ දැරිය පවසන්නේ හිමෙන් යට වූ කාමරයක සිරවී සිටි තමන් උදව් ඉල්ලා කෑ ගැසූ බවයි. කෙසේ වුවත් කිසිවකුට තමන් සොයා ගැනීමට හැකි වේ යැයි කිසි සේත්ම විශ්වාස නොකළ බව ඇය සඳහන් කළාය.
ඇගේ පවුලේ සාමාජිකයන් මියගොස් ඇති බව වාර්තා වන අතර මේ දැරිය මුසෆ්ෆරාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
පසුගිය දින කිහිපයේ නීලම් මිටියාවතේ සිදු වූ හිම කඳු නාය යාමෙන් මේ වන විට 74 දෙනකුට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. හිමාල කලාපයේ කාලගුණ ව්‍යසන හේතුවෙන් මෑත ඉතිහාසයේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව මේ දින කිහිපයේ වාර්තා විය.

