බාල වයස්කාර දැරිය අඹුකමට ගත් කොන්දොස්තර දෙදරු පියා රිමාන්ඩ්
Tuesday, 18 February 2020 - 8:49 | Views - 858

දාසය වියැති බාලවයස්කාර දැරියක දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් සති දෙකක පමණ කාලයක් ඇය නිවසක රඳවාගෙන දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයෙක් මෙම මස 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිඟුරක්ගොඩ මහෙස්ත්රාත් සනත් නානායක්කාර මහතා පසුගිය 15 දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පොලොන්නරුව ඩිපෝවේ සේවය කරන (36) හැවිරිදි විවාහක දෙදරු පියෙකි.
මෙහි වින්දිත දැරිය ජයන්තිපුර ප්රදේශයට ආසන්න ගමක පදිංචිකාරියක වන අතර සැකකරු ඇයගේ නිවසේ කුලියට පදිංචිව සිටි අයකු බව පැවසේ. නිවැසියන් විසින් සැකකරුට නිවසින් පිටත්ව වෙනත් නවාතැනක් සොයා ගන්නා ලෙසට දැනුම් දුන් පසු ඔහු දැරිය රවටාගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
එසේ ගිය ඔවුන් දෙදෙනා හිඟුරක්ගොඩ ප්රදේශයේ නිවසක සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බවත් එහිදී සැකකරු විසින් දින ගණනාවක්ම දැරියට අතවර කොට තිබෙන බවටත් තොරතුරු හෙළිවී ඇති බව අධිකරණයට කරුණු දැක්වූ මින්නේරිය පොලිසිය සඳහන් කළේය. කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා සැකකරු රක්ෂිත
බන්ධනාගාරගත කරන ලෙසටත් වින්දිත දැරිය පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛiවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කළේය.
මින්නේරිය පොලිසිය පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ඒ. ඒ. නාලක බණ්ඩාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
Share This Article