මොබයිල් ඇප් කුලී රථ රියදුරන්ට පහරදීම් ඉහළට
Monday, 17 February 2020 - 19:41 | Views - 661
ප්‍රධාන පෙලේ සමාගම් හරහා ක්‍රියාත්මක මොබයිල් ඇප් හෙවත් අන්තර්ජාල ජංගම යෙදවුම් භාවිත කරමින් දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන තමන්ට එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් ඇතැයි එම යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන් පවසනවා.

පසුගිය දා හබරණ ප්‍රදේශයේදී එවැනි ප්‍රහාරයකට ලක්වූ කුලී රථ රියදුරෙකු අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වූයේ ඊට සම්බන්ධ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

අන්තර්ජාල ජංගම යෙදවුම් භාවිත කරන සමාගම්වල ලියාපදිංචි වී, දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන කුලී රථ රියදුරන්ගේ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වනවා.

මෙවැනි කුලී රථ වලින් අය කරන ගාස්තු පහළ මට්ටමක පවතින නිසා ඒවායේ ගමන් ගැනීමට දෙස් විදෙස් සංචාරකයින් තුළ ද ඇත්තේ දැඩි උනන්දුවක්.

විශේෂයෙන් දුර ගමනාන්ත සඳහා මෙම මොබයිල් ඇප් කුලී රථ සඳහා විදේශිකයන්ගෙන් ඉහළ ඉල්ලූමක් පවතිනවා.

මෙලෙස පහරකෑම්වලට ලක්වූ කුලී රථ රියදුරන් වැඩි දෙනෙක් විදේශිකයන් දුරගමනාන්තවලට රැගෙන ගිය අයයි.

සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලදී සාම්ප්‍රදායික ත්‍රිරෝද රථකරුවන් සහ ඇතැම් තැරැව්කරුවන් මෙලෙස පහර දෙන බවයි අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන් පවසන්නේ.

පසුගිය දා හබරන ප්‍රදේශයේ දී එලෙස පහරකෑමට ලක්ව, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අද විරෝධතාවයේ නිරත වූ රියදුරෙකු වන සුමිත් නිශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

මීට එරෙහිව ලබන 24 වන දා කොළඹ දී විරෝධතාවක් පැවැත්වීමට මෙම කුලී රථ රියදුරන් සූදානම් වන අතර ඔවුන් ඊට සාමාජිකයින් රැස් කරන්නේ ටෙලිග්‍රෑම් නැමැති අන්තර්ජාල යෙදවුම මගින්.

එහි ක්‍රියාකාරයෙකු වන නිශාන්ත ෂර්ලි ප්‍රකාශ කළේ පසුගිය සති කිහිපය තුළ තම කුලී රථ රියදුරන් 9 දෙනෙකු පමණ මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි. මෙවැනි ක්‍රියා මගින් මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල විය හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top