පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂ නව සන්ධානයේ නායකත්වය අගමැති මහින්දට - සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රීපාලට
Monday, 17 February 2020 - 15:51 | Views - 507
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්වී සිටිනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහි ලේකම්වරයායි. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර එහි ජාතික සංවිධායකවරුන් ලෙස නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය වන්නේ පොහොට්ටුවයි.
නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අද දිනයේ ලිපිලේඛන භාරදුන් බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ.
Share This Article