රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්න වරෙන්තු
Monday, 17 February 2020 - 13:13 | Views - 881
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (17) වරෙන්තු නිකුත් කළා.
ඒ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
2016 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මානව හිමිකම් කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් මොහු ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරා තිබෙනවා.
Share This Article