බලපිටියේදී 36 හැවිරිදි පුද්ගලයකුට වෙඩි තබයි -[Video]
Monday, 17 February 2020 - 12:22 | Views - 594
අද (17)උදෑසන බලපිටියේ - වැලිවතුගොඩ ප්රදේශයේදී 36 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
යතුරුපැදියකින් නිවසකට පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි අහුන්ගල්ල පොලීසිය සඳහන් කළේ.
එයින් බරපතළ තුවාල ලැබූ ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article