ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක් වූ Mission Impossible තුළින් කෝටි ගණන් උපයන ටොම් කෘෘස්
Monday, 17 February 2020 - 10:02 | Views - 909
ටොම් කෘෘස් රඟපෑ 'මිෂන් ඉම්පොසිබල්' (Mission Impossible) චිත්‍රපට මාලාව බටහිර චිත්‍රපට ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක් බව රහසක් නෙවෙයි. මේ වනවිට එහි චිත්‍රපට 6ක් ප්‍රදර්ශනය වී තිබෙනවා. අවසන් වරට තිරගත වුණේ Fallout නමැති චිත්‍රපටයයි. එය ප්‍රදර්ශනය වූයේ 2018 වසරේයි.

මේ දිනවල මෙම චිත්‍රපට මාලාව ගැන නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා. ඒ එහි අලුත්ම චිත්‍රපටයේ, එනම් 7 වැනි චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වීමත් සමඟයි. මෙම චිත්‍රපටයේ නම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ. නමුත් දැනට එය 'ලිබ්රා' (Libra) යනුවෙන් නම් කර ඇති බවයි පැවැසෙන්නේ.  එය එහි අවසන් නම නොවනු ඇති අතර රූපගත කිරීම් නිම වීමෙන් පසු නම පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි නිෂ්පාදකයන් සඳහන් කර තිබුණේ. එමෙන්ම මෙම අලුත් චිත්‍රපටයේ කතාපුවත සම්බන්ධයෙන්ද තවමත් කිසිවක් ප්‍රසිද්ධියට පත් කර නැහැ.

'මිෂන් ඉම්පොසිබල්' චිත්‍රපට මාලාව දිගහැරෙන්නේ Impossible Missions Force (IMF) නමැති ඔත්තු සේවා සංවිධානයක ක්‍රියාකාරකම් ඔස්සේයි. එහි ප්‍රධානියකු වන ඊතන් හන්ට්ගේ චරිතයයි ටොම් කෘෘස් රඟපාන්නේ. ඉතා අනතුරුදායක, එමෙන්ම විස්මයජනක මෙහෙයුම්වල නිරත වීමට මෙහිදී හන්ට් ඇතුළු කණ්ඩායමට සිදුවන අතර අතිශය ත්‍රාසජනක ජවනිකා මඟින් ප්‍රේක්‍ෂකයන් ඇද බැඳ තබාගන්නට මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව සමත් වෙනවා. විශේෂයෙන් තරුණ සිනමා ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගැනීමටත්, ආදායම් වාර්තා පිහිටුවීමටත් මෙම චිත්‍රපට මාලාව සමත් වුණා.

හොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන ටොම් කෘෘස් මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපාන අතරම එම චිත්‍රපට සඳහා මුදල් යොදවන නිෂ්පාදකවරයකු හැටියටත් කටයුතු කරනවා. ඒ නිසා මෙම සිනමා පට හරහා විශාල ධනයක් උපයා ගැනීමටත් ඔහු සමත් වුණා. චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය වූ Fallout චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 800 (ලංකා රුපියල් බිලියන 145)කට කිට්ටුයි. එය නිපදවීමට වියදම්ව තිබුණේ ඩොලර් මිලියන 180ක් වැනි මුදලක් පමණයි.

ටොම් කෘෘස් සැලකෙන්නේ මේ වනවිට ලෝකයේ සිටින ධනවත්ම නළුවකු හැටියටයි. 1996 වසරේ නිර්මාණය වුණු 'මිෂන් ඉම්පොසිබල්' පළමු චිත්‍රපටයේ රඟපෑමෙන් ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් උපයා ඇති බවක් වාර්තා වෙනවා. ඩොලරයේ අද වටිනාකම අනුව එය ඩොලර් මිලියන 115ක් පමණ වනු ඇති බවයි සඳහන් වන්නේ. ලංකාවේ මුදලින් එය රුපියල් බිලියන 20කට ආසන්නයි. මේ වනවිට තිරගත වී ඇති චිත්‍රපට හයේ රඟපෑම වෙනුවෙන් ඔහුට ලැබී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 285ක් බව පැවැසෙනවා.

1962 වසරේ උපන් ටොම් කෘෘස්ට මේ වනවිට වයස අවුරුදු 58ක් වුවත් තවමත් ඔහු තරුණ නළුවන්ට හොඳ තරගයක් දෙන අන්දම දැකිය හැකියි. 'මිෂන් ඉම්පොසිබල්' චිත්‍රපට මාලාවේ ජනප්‍රියත්වයත් ඔහුගේ ආකර්ෂණීයත්වයට හේතුවක් හැටියට සැලකිය හැකියි. මේ වනවිට මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට 6ක් තිරගත වී ඇති අතර ඒවා හැඳින්වුණේ Mission Impossible, Mission Impossible 2, Mission Impossible 3, Ghost Protocol, Rogue Nation, Fallout යන නම්වලින්.

අද අතිශයින් ජනප්‍රිය සහ ධනවත් කෙනකු වුවත් ටොම් කෘෘස්ගේ ළමා විය එතරම් සුන්දර එකක් නොවූ බව පැවැසෙනවා. විශේෂයෙන් ඔහුගේ පියා ගැන ටොම් කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් නොවෙයි. ඔහු නිතර තමාට පහර දුන් බව පවා ටොම් සමහර අවස්ථාවල අනාවරණය කර තිබෙනවා. මුදල් අගහිඟකම්වලින්ද ඒ කාලයේ ඔවුන්ට අඩුවක් නොවූ බවයි පැවැසෙන්නේ.  කෙසේ හෝ වේවා, වයස අවුරුදු 18දී ටොම් නළුවකු වීමේ බලාපොරොත්තුවෙන් නිව්යෝක් නුවරට පැමිණ ඇති අතර ඔහුට ඒ සඳහා උදවු කර ඇත්තේ ඔහුගේ මව සහ බාප්පා කෙනකුයි. ටොම් කෘෘස් නළුවකු ලෙස වඩාත් තහවුරු වුණේ එක්දහස් නවසිය අසූව දශකයේ තිරගත වූ Top Gun වැනි චිත්‍රපට තුළින්.

ඔහු ඉතා සාර්ථක නළුවකු සහ නිෂ්පාදකවරයකු වුවත් මේ වනවිට ජීවත් වන්නේ තනිකඩයකු හැටියටයි. ටොම් කිහිප වරක්ම විවාහ වී සිටියත් ඒ එක් විවාහයක්වත් වැඩි කාලයක් පැවැතුණේ නැහැ. ඔහු සමඟ විවාහ වී සිටි මිමි රොජර්ස්, නිකෝල් කිඩ්මන්, කේටි හෝම්ස් තිදෙනාම ජනප්‍රිය නිළියන්.



සනත් වික්‍රමගේ
Image result for Tom Cruise Mission Impossible
Image result for Tom Cruise Mission Impossible
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top