ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය -[Photos]
Monday, 17 February 2020 - 9:29 | Views - 1,991
ස්වභාවධර්මයා විසින් විශිෂ්ට නිර්මාණ ලොවට දායාද කර ඇත. මේ අතර සාගරයට හිමි වන්නේ ප්‍රධාන තැනක්. සාගර වල ද අපූර්ව වූ නිර්මිතයන් ගොඩ නැගීමට  ස්වභාවධර්මයා වෙහෙසී ඇත. ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය කැසිපියන් මුහුද බව ඔබ දැනුවත් ද ? මෙය පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිරට වන්නට යුරෝපය හා ආසියාව වෙන් කරන සීමා වෙයි. කැසිපියන් මුහුද මීට වසර මිලියන 50-60 ක කාලයකට පෙර අත්ලාන්තික් හා පැසිෆික් සාගරයට සම්බන්ධව තිබූ බවට සාක්ෂි හමු වී තිබෙයි.

පසුකාලීනව සම්බන්ධතා නැති වී,සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ජලාශයක් බවට පත්ව තිබෙනවා. කැස්පියන් මුහුද අවට ජනාවාසකරණය සිදුවී ඇත්තේ මීට වසර 75,000කට පමණ පෙරය.කැසිපියන් මුහුදේ විශාලත්වය වර්ග කිලෝමීටර 143, 244ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර 1,025ක් වෙනවා. මෙය කි.මී 6,820ක මුහුදු තීරයකට උරුමකම් කියනවා.

කැස්පියන් මුහුදෙන් ඉවතට ජලය යන කිසිදු ස්වභාවික ජල මාර්ගයක් නැහැ.කෙසේ නමුත් ජල මාර්ග 130කින් පමණ එයට ජලය සැපයෙනවා. මෙයට ජලය සැපයෙන ප්‍රධානතම ජල මාර්ගය වන්නේ උතුරු දෙසින් ගලා බසින වොල්ගා නදියයි. කැස්පියන් මුහුද හා ඒ අවට ප්‍රදේශය ඉහළ ජෛව විවිධත්වයකට උරුම කම් කියනවා. ලොව අනෙකුත් ජල ප්‍රභවවලට මෙන්ම කැස්පියන් මුහුදට ද පාරිසරික තර්ජන රැසක් එල්ල වී තිබෙනවා.තෙල් නිධි ඇතුළු ස්වභාවික සම්පත් උකහාගැනීමේ දී සිදුවන ජල දූෂණය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. ලෝකය අභියස සෑම මානව ප්‍රජාවගේම වර්තමාන දායකත්වය ස්වභාවධර්මය සුරැකීමයි. මේ එළඔ ඇත්තේ කථිකාවේ කාලය නොව ක්‍රියාත්මක වීමේ කාලයයි.

Image result for The Caspian Sea
Image result for The largest inland reservoir in the world is the Caspian Sea
Image result for The largest inland reservoir in the world is the Caspian Sea

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top