දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Monday, 17 February 2020 - 8:20 | Views - 464
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (17) දිනය තුල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (17) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
හම්බන්තොට, මොණරාගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 පමණ දක්වා වැඩි විය හැකියි.
Share This Article