විදුලි රැහැනක පැටලී එක්දරු පියෙක් මරුට
Monday, 17 February 2020 - 8:06 | Views - 426
අනවසර විදුලි රැහැනක පැටලීමෙන් හම්බන්තොට, බදගිරිය ධීවර ගම්මාන ප්රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
වන අලින්ට යොදන ලද ගෘහස්ත විදුලි රැහැනක පැටලී අදාල පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වී අස්වැන්න වන අලින්ගෙන් බේරාගැනීම සදහා මියගිය පුද්ගලයා විසින්ම සිය මාමණ්ඩියගේ නිවසින් විදුලි රැහැනක් කුඹුරට ඇද ඇති අතර ඔහු අද (16) උදෑසන කුඹුරට පැමිණි අවස්ථාවේදීයි විදුලි රැහැනේ පැටලී ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි එක්දරු පියෙක්.
Share This Article