බාලවයස්කාර දැරියක් කෙළෙසූ විවාහකයාට අධිකරණයේදී වැඩ වරදී
Monday, 17 February 2020 - 8:04 | Views - 615
බාලවයස්කාර දැරියක් 2018 වසරේ අගෝස්තු මස 20 වන දින දූෂණය කිරිම සම්බන්ධව අධිචෝදනාවට ලක්ව වරදකරු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත අවුරුදු 12ක සිරදඬුවමක් සහ රුපියල් දසදහසක දඩයක් නියම කිරීමට අධිකරණය පසුගියදා තීරණය කර තිබෙනවා.
බණ්ඩාරගම, මිල්ලනියේ ප්රදේශයේ පදිංචි විවාහකයෙකුට මෙම දඬුවම සහ දඩ මුදල පනවා ඇත්තේ පානදුර පළාත්බද මහාධිකරණය විසින්.
විත්තිකරුට පැමිණිල්ලෙන් නගා ඇති අධිචෝදනාව සැකයෙන් තොරව අධිකරණ නඩු විභාගයේ දී ඔප්පු වී ඇති බව විනිසුරුවරයා තීන්දුව ප්රකාශයට පත් කරමින් පවසා තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ බවයි.
Share This Article