බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගත් වනජීවී කාර්යාල නිලධාරියෙකු අත්අඩංගුවට
Sunday, 16 February 2020 - 18:57 | Views - 354
බලපත්‍ර නොමැතිව ගිනි අවි සහ පතොරම් ළඟ තබාගත් හම්බන්තොට - බූන්දල වනජීවී කාර්යාල නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඇතුලු කණ්ඩායමක් විසින් ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්, සජීව පතොරම් 3ක්, මැගසින් එකක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදාගන්නා සජීව පතොරම් හතක් විවිධ ප්‍රහාණයේ මූනිස්සම් කැට ග්‍රෑම් 400, මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 3ක්, පිහි දෙකක් සහ අත්විලංගු ජෝඩුවක් සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරු 30 හැවිරිදි තිස්සමහාරාම - දෙබරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හම්බන්තොට පොලීසිය මගින් සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Share This Article