චීනයේ කොරෝනා වෛරස් නව ආසාදිතයන් අඩුවීමක් - ජපානයේ මගී නෞකාවෙන් තවත් 70ක් සොයාගැනේ
Sunday, 16 February 2020 - 18:56 | Views - 649
ලොව පුරා කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 69,256 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසයේ ආසාදනය නිව්මෝනියා තත්ත්වයට වර්ධනය වීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1669ක්. ආසාදිතයන් බහුතරයක් එනම් 68,500ක් වාර්තාවන්නේ චීනයෙන්.

මේ අතර කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් සංඛ්‍යාව චීනයේ සුළු වශයෙන් අඩුවීමක් දක්නට ලැබෙන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්තවලින් අනාවරණ වනවා.

ගතවූ පැය 24 තුළ චීනයෙන් සොයාගැනුනු නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2009ක් වන අතර, ඊට පෙර දින ආසාදිතයන් 2641ක් වාර්තාවුණා.

වෛරසයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාවද පෙරදිනට වඩා එකකින් අඩුවී තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ දිනයේදී චීනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් 142 කු ජිවිතක්ෂයට පත්වූ අතර, ඉන් හතරදෙනෙකු හැර සියල්ලන්ම වෛරසය කේන්ද්‍රගතවූ හුබෙයි ප්‍රාන්තයේ වැසියන්.

කොරෝනා වෛරසය පසුගිය දෙසැම්බරයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් වන සත්ව වෙළඳපොල හරහා ඇතිවූ බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් ආසාදිතයන් 70 දෙනෙකු ගතවූ පැය 24 තුළ සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එහි සිටින මුළු ආසාදිත සංඛ්‍යාව 355 දක්වා ඉහළ යනවා.

ඊට අමතරව හොංකොං සහ මැකාවු මෙන්ම ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් 26 කින් කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තාවුණා.

මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් සුපිරි මගී නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනිම සඳහා හොංකොං දේශය අද ජපානය වෙත ගුවන් යානයක් පිටත් කර යැවීමට නියමිත බව වාර්තාවනවා.

නෞකාවේ සිටින 3700 ක් පමණ මගීන් අතුරෙන් 330 දෙනෙකු හොංකොං හි පදිංචිකරුවන් බව සඳහන්. එයින් 260 දෙනෙකු හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ගමන් බලපත්‍රලාභීන් වන අතර, 70 දෙනෙකු විදේශීය ගමන් බලපත්‍ර දරන්නන්.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම ආරම්භ වූයේ හොංකොංහිදී නැවත නැවට ගොඩවූ මගියෙකුගෙන් බවයි විශ්වාස කෙරෙන්නේ.

නෞකාව පසුගිය 3 වනදා සිට යොකොහමා වරායේ රඳවා තිබෙනවා.

දින 14 කාලසීමාව අවසන්වීමෙන් ලබන බදාදා සිට මගීන් ඉවත් කරගැනීමට ඉඩ සැළසෙනවා.

ඒ අනුවයි හොංකොං මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයද ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගැනීමට ඉල්ලුම් කර ඇත්තේ.

මේ අතර මගීන් 1455 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 802 කු රැගත් වෙස්ටර්ඩෑම් නෞකාවේ සිටි මගියෙකු කාම්බෝජයේ සිට මැලේසියාවට පැමිණි පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හිමි සමාගම වන කානිවල් කෝපරේෂන් සමාගමට අයත් එම නෞකාව කාම්බෝජයට පැමිණියේ ජපානය, තායිවානය, ගුවාම්, පිලිපීනය සහ තායිලන්තය යන රටවලින් හරවා එවීමෙන් අනතුරුවයි.

සති දෙකක් තිස්සේ මුහුදේ රැඳී තිබූ නෞකාව කාම්බෝජයට පැමිණි පසු මගීන් ඉවත්වුවද තවත් මගීන් 236 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 747 දෙනෙකු නෞකාවේ රැඳී සිටිනවා.

එහි සිටි ඇමරිකානු කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මැලේසියාවේදී සොයාගැනීම නිසා කාම්බෝජ බලධාරීන් පරීක්ෂණ කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය පතා තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට දැනට මෙරට රෝහල්ගත කර ඇති සංඛ්‍යාව දෙක දක්වා පහත වැටී තිබෙනවා.

කුරුණෑගල මහ රෝහලේ ඉන් එක් පුද්ගලයෙකු සිටින අතර, අනෙක් පුද්ගලයා රඳවා සිටින්නේ අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

ඊට අමතරව වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික කාන්තාවද තවදුරටත් එහි රඳවා සිටිනවා.

එමෙන්ම කොවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර පිළිබඳ, ප්‍රගති සමාලෝචනයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ තාක්ෂණික කමිටුව හෙට දිනයේදි රැස්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top