මහනුවර දී 18ක් ඇල්ලූ ෆේස්බුක් සාදය
Sunday, 16 February 2020 - 18:50 | Views - 457
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව 18 දෙනෙකු හැර සෙසු පිරිස මුදා හැර තිබෙනවා.
අද (16) අලුයම මෙම පිරිස සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගෙන් දැනට රදවාගෙන සිටින 18 දෙනා සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මොවුන් ළඟ තිබී හෙරොයින්, ගංජා, අයිස්, කුෂ් සහ විවිධ වර්ගයේ මත්පෙති සොයාගෙන තිබෙනවා.
Share This Article