ජනපති කොළඹ වරාය නගරය නිරීක්ෂණය කරයි
Sunday, 16 February 2020 - 18:49 | Views - 360
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) දහවල් කොළඹ වරාය නගරය නිරීක්ෂණය කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුනු ජාතික නීති සම්මේලනයේදී කොළඹ වරාය නගර සැලැස්ම කෙරෙහි අවධානය යොමු කෙරුණු බවයි.
ශ්‍රී ලංකා සිතියම් වෙනස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස ඉදිකෙරෙනවා.
ගොඩකිරීම් සහ යටිතල පහසුකම් සඳහා චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්.
ගොඩනැගිලි සංකීර්ණය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 15ක් වැය කෙරෙනවා.
Share This Article