නේපාලය වූහාන් නුවරින් සිසුන් ඉවත් කරගනී
Sunday, 16 February 2020 - 13:53 | Views - 477
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ කේන්ද්‍රය වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් අගනුවරින් නේපාල ජාතිකයන් 175 දෙනෙකු අද ඉවත් කරගනු ලැබුවා.
ඒ, නේපාල ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. පිරිමි පුද්ගලයන් 134 දෙනෙකු සහ කාන්තාවන් 41 දෙනෙකු රැගත් එම ගුවන් යානය වූහාන් නුවර සිට නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්වනු ලැබූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඔවුන් අතුරින බහුතරයක් වූහාන් නගරයේ ඉගෙනුම ලැබූ නේපාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්.
තදාසන්න බක්තපූර් නගරයේ සති දෙකක කාලයක් රඳවා තැබීමටයි සැළසුම් කර ඇත්තේ.
ඔවුන් එම කාලය තුළ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ලක් කෙරෙන අතර, වෛරසය ආසාදනය වීමේ ලක්ෂණ නොමැති වුවහොත් සති දෙකකින් ඔවුන්ගේ පවුල් හා එක්වීමට අවස්ථාව සළසන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
නේපාලයෙන් මෙතෙක් වාර්තාවන්නේ එක් කොරෝනා වෛරස් ආසාදිතයෙකු පමණයි.
Share This Article