ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ට්විටර් ගිණුමට අනවසරයෙන් කඩාවදී
Sunday, 16 February 2020 - 12:29 | Views - 356
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිල ට්විටර් ගිණුමට අනවසර පිවිසීමක් වාර්තාවන බව ට්විටර් සමාජ මාධ්‍ය සඳහන් කළා.

හැකර්වරුන් තාවකාලිකව එහි මාධ්‍ය ගිණුම අත්පත් කරගෙන ඇති අතර, පසුව එය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම අනවසර පිවිසුම සිදුකළ හැකි කණ්ඩායම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.

ලොව සුප්‍රකට පාපන්දු සමාජයක් වන ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයේ නිල ට්විටර් ගිණුමද ඊයේ මෙලෙස හැකර්වරුන්ගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා.

මේ මස මුලදී ලොව විශාලතම සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හි නිල ට්විටර් ගිණුමද සයිබර් ප්‍රහාරයකට ලක්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top